එකළොස්වන ඉරුදින පාප්තුමාගේ දෙසුමේ සාරාංශය

Tuesday, June 19, 2012

17/06/2012 12.51.27
දෙවියන් වහන්සේ අපගේ ආශාවන් ප්‍රේමයේ මහා ක්‍රියාවන් බවට හරවන සේක.
"වැඩෙන බීජය පිළිබඳ උපමාව [මාර්ක් 4 : 26 - 34] ඉතිහාසය තුළ දෙවියන් වහන්සේ සිදු කළ මැවීමේ හා ගැළවීමේ අභිරහස ඉඟි කරයි;" යනුවෙන් පසුගිය ජුනි 17 වෙනි ඉරිදා ශුද්ධෝත්තම පියතුමා දහවල් මැදියම තුන්කාලයේ ආරාධනාව උච්චාරණය කිරීමේ දී ප්‍රකාශ කර ‍සිටියේ ය. එතුමා තව දුරටත් කතා කරමින් මෙසේ ප්‍රකාශ කළේය. "එම උපමාවේ සඳහන් ගොවියා අවසානයේ නෙළා ගන්නා අස්වැන්න කාලය අවසානයේ සම්පූර්ණයෙන් අනාවරණය වන දෙවියන් වහන්සේගේ රාජ්‍යය අර්ථවත් කරයි; නූතන කාලය වනාහී දෙවියන් වහන්සේගේ වචනය වපුරන කාලය යි. එහි වර්ධනය දෙවියන් වහන්සේ නිශ්චිතව ම දන්නා බැවින් සෑම කිතුනුවෙක් ම තමන්ට හැකි උපරිමයෙන් සියල්ල කිරීමට දැන සිටි යුතු නමුත්, අවසාන ප්‍රතිඵලය දෙවියන් වහන්සේ මත රඳ පවතියි. මෙය කිතුනුවාගේ දෛනික ශ්‍රම‍ය යෙදීමෙන් විශේෂයෙන් දුෂ්කර තත්ත්වයන් මත ක්‍රියා කිරීමෙන් තහවුරු වේ."
ඉංග්‍රීසි බස කතා කරන වන්දනාකරුවන් ඇමතූ ශුද්ධෝත්තම පියතුමා, "අද සුභාරංචියට අනුව, දෙවියන් වහන්සේගේ රාජ්‍යය වපුරනු ලබන, වැඩී මහා වෘක්ෂයක් බවට පත් වන අබ ඇටයකට සමාන ය. එබැවින් අපගේ දුබලකම ගෙන ඔවුන්වහන්සේට හා අසල්වැසියාට දක්වන මහා ප්‍රේමයේ ක්‍රියාවන් බවට හරවන හා ඊට ප්‍රිය කරන දෙවියන් වහන්සේට ජ්වලිතව යාච්ඤා කරමු" යි ප්‍රකාශ කළේ ය.  




Share this Article on :

0 comments:

Post a Comment

 
© Copyright News 2010 -2011 | Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com | Redesigned By : Lasith and Clement [2012].